පලමු පරම්පරාවේ පරිගණක (1950-1959)
computer-generation-1

1950 සිට 1959 දක්වා කාලය තුල නිපදවන ලද පරිගණක පළමු පරම්පරාවේ පරිගණක ලෙස හදුන්වයි. මෙම පරිගණක වල ප්‍රමානය ඉතා විශාල වන අතර නිශ්පාදන වියදම ඉතා විශාල විය. තවද  පරිගණක වායුසමන කල කාමර තුල තැබිය යුතුවු නිසා නඩත්තු වියදම ද ඉතා අධික විය. මෙම පරිගණක වල පරිපථ සදහා භාවිතා කල වෑල්ව නම් උපකරණය නිසා පරිගණකයේ ප්‍රමාණය විශාල වු අතර,අධික
විදුලියක් පරිභොජනය කරයි .එමෙන්ම වේගය ද සහ ගබඩා කලහැකි දත්ත ප්‍රමානයද අඩුවිය. මෙම දුර්වලතා නිසා මීට වඩා ක්‍රියාකාරිත්වයෙන් ඉහල පරිගණකයක් 1956 දී නිපදවන ලදි.


        දෙවන පරම්පරාවේ පරිගණක (1959-1965)

මෙම පරම්පරාවේ පරිගණක ආරම්භ වන්නේ ට්‍රාන්සිස්ටර් සොයා ගැනීමත් සමග යි. මෙම ට්‍රාන්සිස්ටර, විශාල වැල්ව සදහා ආදේශකයක් ලෙස යොදා ගනු ලැබීය.එම නිසා ප්‍රධාන වශයෙන් පරගණකයේ විශාලත්වය සහ විදුලි පරභොජනය සැලකිය යුතු ලෙස අඩුවිය.තවද මෙම පරිගණක වල ධාරිතාවය සහ වේගය පලමු පරම්පරාවේ පරිගණක වලට වඩා වැඩිවිය.එමනිසා මෙම පරිගණක සදහා හොද ඉල්ලුමක් පැවති අතර ප්‍රතම පරිගණක මෙහෙයුම් පද්ධතිය කොබොල් සහ ‍ෆෝටොන් යන පරිගනක භාෂා වලින් ලියා මෙම පරිගණක සමගම ඉදිරිපත් කරන ලදි.
    
  තුන්වන පරම්පරාවේ පරිගණක(1965-1975)


1965 දී ආරම්භ වු මෙම පරිගණක පරම්පරා‍වේ සිදුවු ප්‍රදාන තම වෙනස වුයේ සංගෘහිත පරිපථයන් සහිනව නිෂ්පාදනය  කිරීමයි. සංගෘහිත පරිපතයක් යනු ඉතා කුඩා ඉඩ ප්‍රමානයක සාදන ලද ඉතා සංකිර්ණ පරිපතයකි. මෙහි ට්‍රන්සිස්ටර , ඩයොඩ ,ධාරිත්‍රක, විශාල ප්‍රමානයක්  අඩංගු කර ඇත. සංගෘහිත පරිපථ හදුන්වා දීම නිසා පරිගණක වල  විශාලත් වය සහ මිල විශාල ලෙස අඩුවිය.තවද මෙම පරම්පරාවේ  පරිගණක මතකයන් සදහා
මෙතෙක් පැවති tap Memory වෙනුවට අර්ධ සන්නායක වලින් නිපද වු ,සංගෘහිත පරිපථ ඇතුලත් මතකයන් (Memory)හදුන්වා දෙන ලදි. මෙතෙක් පැවති පරිගණක වලට එක් වරකට ක්‍රියාත්මක කළ හැකි වුයේ එක් වැඩසටහනක් පමනි. නමුත් මෙම පරම්පරාවේ පරිගණක සදහා එක් වරකට වැඩසටහන් එකකට වඩා වැඩි ප්‍රමානයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබුණි. 


             හතර වන පරම්පරාවේ පරිගණක 


මෙම පරම්පරාවේ පරිගණක වල විශාලත්වය සහ මිල ඉතා විශාල වශයෙන් අඩු විය. ඊට හේතු වශයෙන්  වඩා සංකීරණ ලෙස සංගෘහිත පරිපථ නිපදවි මයි. තුන්වන පරම්පරාවේ දි සංගෘහිත පරිපතයක් තුල ඇතුලත් කිරිමට හැකි වුයේ තාර්කික ද්වාර (logic gate)100 ක පමණ ප්‍රමානයක් නමුත් එය මෙම පරම්පරාවේ දි 1000-10000 අතර ප්‍රමානයක් දක්වා වර්දනය විය.
පරිගණකය සදහා මුල්වරට රූප සහිත මුහුණු වරක් (Graphycal User interface - GUI) සහ පරිගණක ජාලකරනය (computer Network)මෙම පරම්පරාවේ පරිගණක සමග හදුන්වා දෙන ලදි.
 
Top